වසර ගණනාවකට පෙර ටෙංෂේ දෙවගනගේ මිනිම් ස්වරූපයක් වූ මෝ යින්, සිය සොයුරිය වූ ෂියෑන් යුඒගේ ජනප්‍රියත්වය සහ රජු ඇයට පුදකළ ආදරය පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් පෙළුණා ය. මෝ යින් අසුර අධිපතියකු වූ ෂි යූ මිං සමග එක් වී සිය සොයුරිය මැරවීමට උත්සාහ දරයි. මේ නිසා සුර, මිනිස් සහ අසුර ලොව අතර සමතුලිතතාව බිඳී අසුරයන්ට වැඩි බලයක් හිමි වේ.
වර්තමානයේ ෂියෑන් යුඒගේ නැවත උපත වන දිං යාඕ ඉතිහාසය හදාරන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි. පුරාවිද්‍යාඥයකු වූ සිය පියාට උපකාර කරන අතරතුර නව-ග්‍රහ චක්‍රය ක්‍රියාත්මක වී ඇය වසර 3,500ක් ඈතඅතීතයේ වූ නාන්යුඒවෙත ඇදී යයි.
වරක් ඇය සහ ෂියෑන් යුඒ අතර සමානකම දැක නාන් යුඒහි රජු ඇය සමග විවාහ වීමට සැරසෙයි. මේ අතර යක්ෂයන්පාලනය කළ හැකි මායා බඳුන සොයා පැමිණෙන අසුරයින් දිං යාඕ පසුපස හඹා එන අතර දිං යාඕ මාලිගයෙන් පලා යයි. ඇය සොහොන්ගැබක සැගවෙන අතර එහි දී ඇයට සිරකරන ලද අර්ධ රාක්ෂයකු වූ වෙන් තියෑන් හමු වෙයි. ඇය ඔහුව නිදහස් කරන අතර ඔහු ඇයව ආරක්ෂා කරයි. මෙවිට දිං යාඕ සතුව තිබූ කුඩා මැටි රුවකින් හදිසියේම මායා බඳුන මතු වෙයි.
අවාසනාවට දිං යාඕ අතින් මායා බඳුන බිදෙයි. මේ නිසා මිනිස් ලොව මැවූ න්යූවා දෙවගනගේ පූජනීය මුතු සොයාගෙන වෙන් තියෑන් සමග එක්ව මායා බඳුන නැවත පිළිසකර කිරීමට ඇයට සිදු වෙයි......................................
Post A Comment:
0 comments: